Thursday, February 23, 2012

Sinhala Buddhist

සෑම සිංහල බෞද්ධයෙක්ම ශ්‍රවණය කළ යුතු දේශනාවක්


පූජ්‍ය මාවරලේ භද්දිය හිමි යනු ඉතා වටිනා යුග මෙහෙවරක් කිරීමට ජාතියේ පිනටම පහල වූ බුද්ධපුත්‍රයාණන් වහන්සේ නමකි. බුදු දහමේ ඉගැන්වෙන ලෝකෝත්තර තත්ත්වය සහ ලෞකික දිවිය පටලවමින් ඊනියා “ලෞකික ශ්‍රී ලාංකිකයින්” විසින් සිංහල ජාතිය සහ බුද්ධ ශාසනය රැක ගනීම නිශ්ඵල දෙයක් යැයි දෙසාබාන අවධියක මුන්වහන්සේගේ දේශනා ජාතිය නැවතත් අවදි කරවීමකි. වසරක් පමණ පැරණි දේශනයක් වුවද රට ජාතිය පැත්තෙන් ගත් කළ තවමත් මෙහි වටිනාකම අමිලය. හුදු ධර්ම දේශනාවක් නොවන මෙය ජාතිය එළඹ ඇති අවාසනාවන්ත තත්ත්වයත් ඉන් ගොඩ යාමත් පිළිබඳව වටිනා උපක්‍රම රැසක් කියා දෙන සෑම සිංහල බෞද්ධයෙක්ම ශ්‍රවණය කළ යුත්තකි. මෙහි පළමු වීඩියෝවේ තිබෙන්නේ ආරම්භක උත්සවය වන අතර දෙවන වීඩියෝවේ සිට ඔබට දේශනය ශ්‍රවණය කිරීමට පුළුවන. Read more: http://sinhalabuddhist.com/2011/03/listen

 සිංහල බෞද්ධයා


අනගාරික ධර්මපාල තුමා

මහා ජාතිය පිරිහෙන්නේ ඒ ජාතියේම තියෙන දුර්වල කම් නිසයි. ජාතියක් භේද භින්න උනොත් එකෙන් ප්‍රයෝජනය ගන්නේ සුළු ජාතින්. එතකොට සුළු ජාතින් තව තව ශක්තිමත් වෙනවා. ඒවිතරක් නොවෙයි මහා ජාතියේ ඔලුවට අත හෝදන්නත් එනවා. අපේ සිංහලයට වෙලා තියෙන්නේ එක.

උබලට වරදිනකම් උබලම දන්නේ නැහැ. උබලගේ වතුපිටිවල කහබිලිය වවාපල්ලා එක කොස් ඇටයක් වී ඇටයක් හිටවන්නේ නැතිව. සුද්දගේ පාන් පිටි ටික එනකම් මුහුදට කට බලියාපල්ලා. උන් උබලට බජිරි දීල උබලගේ සම්පත් ටික හුරගෙන උන්ගේ රටට ගෙනියන එක උබලට පෙන්නේ නැහැ. ගෙදර එළවැස්සිගේ කිරි ටික විකුණලා දෙමලාගේ තුත්තුකුදියෙන් එන කරවල කැල්ල කාපල්ලා.

දයවතිලා ඩල්සි ලා වෙලා පියදාසල පීටර් වෙලා. බලපල්ලා මරක්කලයෝ දිහා, උන් එක අනුන්ගේ නමක් අරගෙන තියෙනවද?. බලපල්ලා දෙමලු දිහා, උන් අරගෙන තියෙනවද උබලගේ නමක්.

උබල මස් කෑල්ලට ආගම වෙනස් කරලා සැප විදින්ද හීන බලපල්ලා. ජාතියක් ජම්මයක් නැති එවුන් ගානට වැටිලා සුද්දට -දෙමළට -තම්බියට බැලකම් කරන නිවටයන් ගානට වැටෙන දවස වැඩි දවසක නැහැ

කෝ උඹලගේ තිබිච්ච ප්‍රව්ද ඉතිහාසය? කෝ උඹලගේ සංස්කෘතිය? කෝ උඹලගේ මනුශ්ශකම? ඒ සේරම මස් කෑල්ලට විකුණලා නේද? බඩගොස්තරේට උබලගේ ශ්‍රේෂ්ට ඉතිහාසය විකුණලා නේද?

වැඩි කලක් යන්න ඉස්සර දෙමලු කියයි යාපනය උන්ට අයිතියි කියල. මරක්කලයෝ කියයි මඩකලපුව උන්ට අයිතියි කියල. ඊට පස්සේ කියයි මේක මරක්කල දෙමල රට කියල. පැනපල්ලා මුහුදට ඊට පස්සේ. අනික් ජාතීන්ට දොස් කියන්න එපා උබලගේ ජාතියේ දුර්වල කම් සොයා බලල දැන්වත් කල්පනාවෙන් වැඩ කරපල්ලා.

මරක්කලයට බැලකම් කරන නිවට ජාතියක් ගානට වැටෙනවා ඒකාන්තයි. භේද භින්න කම් කුලමල පක්ෂ භේද බල තණ්හාව දැන්ම අයින් කර ගත්තේ නැත්නම්, උබල ජාතියක් හැටියට අන්ත පරිහානියට වැටෙන දවස වැඩි ඇතක නොවන බව මතක තියා ගන්නිල්ලා.

~...අනගාරික ධර්මපාල තුමා...~

You Tube
සිංහල බෞද්ධයා

No comments:

Post a Comment