විමල් වීරවංස: වම නොදන්නා වමේ අවුල - ශ්‍රී ලංකාව.
"එදා කුමාර (JVP)ඇතුළු කීප දෙනෙක් කිව්වේ තනිව තරග කළ යුතුයි කියලයි. ඒත් මමත්, නන්දන ගුණතිලකත් පැහැදිලිව කිව්වා ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ දිනවිය යුතුයි සහ ආණ්‌ඩුවේ කොටස්‌කරුවන් විය යුතුයි කියලා. ඒ හරහා එල්.ටී.ටී.ඊ. ය පරාජය කරන්න ක්‍රමානුකූලව පියවර ගත යුතුයි කියලා. ඒත් එදා ජවිපෙ මහින්දව දිනවලා ජාතික කොඩිය මහින්ද අතට දීලා අපි යනවා පන්ති සටනට කියා ජවිපෙ ගත්තේ බාල තීරණයක්. දැන් එක හාදයෙක් කියලා තිබුණා චන්ද්‍රිකා එක්‌ක සන්ධාන ගහපු එකත් වැරැදියි, මහින්ද එක්‌ක සන්ධාන ගහපු එකත් වැරැදියි, සරත් ෆොන්සේකා දිනවන්න ක්‍රියාකරපු එකත් වැරැදියි කියලා. එදා මහින්ද රාජපක්‍ෂ දිනවන්න උදව් කරපු එක වැරැදි නම් මහින්ද දිනවීම හරහා රටේ ඒකීයභාවය ආරක්‍ෂා කරගැනීමත් වැරැදිද?"
එත්... ජාතික විමුක්තියක් ලංකාවේ කොහොමද කරන්නේ මහින්ද රාජපක්‍ෂ:
1. රජය මිනිස්සු මරල දානවනම්, රජය මිනීමරුවන්ගෙන් කට උත්තරයක් ගන්න වත් දෙන්නේ නෙත්නම්
2. රජය හමුදාවට LTTE පරාජය කරන්න සාර්ථක නායකත්වයක් දුන්නු, LTTE ත්‍රස්තවාදීන්ගෙන් රට බෙරගන්න අවුරුදු 37 උතුර නැගෙනහිර ක්‍රියාන්විත සේවයේ ඉඳල අවසාන අවුරුදු තුන සාර්ථක නායකත්වයක් දුන්නු සෙන්පති ජෙනරාල් සරත් ෆොන්සේකාව (සුළු )බොරු චෝදනා දාල අමානුෂික ලෙස අත්අඩංගුවට ගෙන අවුරුදු තුනක් සිරගත කර දහස් ගණන් සිංහල, මුස්ලිම් මිනිස්සු කිතු-කිතු වලට මරල දාපු 11,000 LTTE ත්‍රස්ත වාදීන් නිදහස් කර කොට?
3. රජය සෙන්පති ජෙනරාල් සරත් ෆොන්සේකා හිරේ යවල 600 පොලිසියේ නිලදාරීන් අමු අමුවේ මරා දාපු, දළඳා මාලිගයට පහර දුන්නු, ශ්‍රී මහා බෝධියේ 118 බෞද්දයන් මරපු, අරන්තලාව සාමනේර වහන්සේලා 35 ක් කපා-කොට දාපු කරුණා අම්මාන්(කරුණ Amman) අද නිදහෙ ඇමති කම් දරන කොට?
4. රජය සෙන්පති ජෙනරාල් සරත් ෆොන්සේකා හිරේ යවල ශ්‍රී ලාන්කික ජනතාව අමු අමුවේ මරා දාන්න, ඊළාම් රාජ්ජයක් ගොඩ නගන්න, LTTE එකට යුද-අවි සපයපු කුමාරන්ප්පන් පත්මනාතන්(KP) ට රජය විසින් නිදහසේ ඉන්න දීල, රජයේ (මහජන) මුදලින් සුකොපබෝගී ජීවිතයක් සලසන කොට?
වම නොදන්නා වමේ අවුල අමාත්‍යවරයාගේ දේශණය