Sunday, November 13, 2011

විමල් වීරවංස: වම නොදන්නා වමේ අවුල - ශ්‍රී ලංකාව. Wama Nodanna Wame Awula - Wimal Weerawansa

විමල් වීරවංස: වම නොදන්නා වමේ අවුල - ශ්‍රී ලංකාව.

"එදා කුමාර (JVP)ඇතුළු කීප දෙනෙක්‌ කිව්වේ තනිව තරග කළ යුතුයි කියලයි. ඒත් මමත්, නන්දන ගුණතිලකත් පැහැදිලිව කිව්වා ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ දිනවිය යුතුයි සහ ආණ්‌ඩුවේ කොටස්‌කරුවන් විය යුතුයි කියලා. ඒ හරහා එල්.ටී.ටී.ඊ. ය පරාජය කරන්න ක්‍රමානුකූලව පියවර ගත යුතුයි කියලා. ඒත් එදා ජවිපෙ මහින්දව දිනවලා ජාතික කොඩිය මහින්ද අතට දීලා අපි යනවා පන්ති සටනට කියා ජවිපෙ ගත්තේ බාල තීරණයක්‌. දැන් එක හාදයෙක්‌ කියලා තිබුණා චන්ද්‍රිකා එක්‌ක සන්ධාන ගහපු එකත් වැරැදියි, මහින්ද එක්‌ක සන්ධාන ගහපු එකත් වැරැදියි, සරත් ෆොන්සේකා දිනවන්න ක්‍රියාකරපු එකත් වැරැදියි කියලා. එදා මහින්ද රාජපක්‍ෂ දිනවන්න උදව් කරපු එක වැරැදි නම් මහින්ද දිනවීම හරහා රටේ ඒකීයභාවය ආරක්‍ෂා කරගැනීමත් වැරැදිද?"

එත්... ජාතික විමුක්තියක් ලංකාවේ කොහොමද කරන්නේ මහින්ද රාජපක්‍ෂ:

1. රජය මිනිස්සු මරල දානවනම්, රජය මිනීමරුවන්ගෙන් කට උත්තරයක් ගන්න වත් දෙන්නේ නෙත්නම්

2. රජය හමුදාවට LTTE පරාජය කරන්න සාර්ථක නායකත්වයක් දුන්නු, LTTE ත්‍රස්තවාදීන්ගෙන් රට බෙරගන්න අවුරුදු 37 උතුර නැගෙනහිර ක්‍රියාන්විත සේවයේ ඉඳල අවසාන අවුරුදු තුන සාර්ථක නායකත්වයක් දුන්නු සෙන්පති ජෙනරාල් සරත් ෆොන්සේකාව (සුළු )බොරු චෝදනා දාල අමානුෂික ලෙස අත්අඩංගුවට ගෙන අවුරුදු තුනක් සිරගත කර දහස් ගණන් සිංහල, මුස්ලිම් මිනිස්සු කිතු-කිතු වලට මරල දාපු 11,000 LTTE ත්‍රස්ත වාදීන් නිදහස් කර කොට?

3. රජය සෙන්පති ජෙනරාල් සරත් ෆොන්සේකා හිරේ යවල 600 පොලිසියේ නිලදාරීන් අමු අමුවේ මරා දාපු, දළඳා මාලිගයට පහර දුන්නු, ශ්‍රී මහා බෝධියේ 118 බෞද්දයන් මරපු, අරන්තලාව සාමනේර වහන්සේලා 35 ක් කපා-කොට දාපු කරුණා අම්මාන්(කරුණ Amman) අද නිදහෙ ඇමති කම් දරන කොට?

4. රජය සෙන්පති ජෙනරාල් සරත් ෆොන්සේකා හිරේ යවල ශ්‍රී ලාන්කික ජනතාව අමු අමුවේ මරා දාන්න, ඊළාම් රාජ්ජයක් ගොඩ නගන්න, LTTE එකට යුද-අවි සපයපු කුමාරන්ප්පන් පත්මනාතන්(KP) ට රජය විසින් නිදහසේ ඉන්න දීල, රජයේ (මහජන) මුදලින් සුකොපබෝගී ජීවිතයක් සලසන කොට?


වම නොදන්නා වමේ අවුල  අමාත්‍යවරයාගේ දේශණය



ඇමරිකාව ප‍්‍රමුඛ බටහිර බලවතුන් සිය අධිපරිභෝජනවාදී ජීවන රටාව පවත්වා ගැනීම සඳහා ලෝක ගෝලය පුරා සම්පත් මංකොල්ලකමින් සිටින බවත් එහිදී තෙල් සම්පත් බහුල රටවල් ඉලක්ක කර දරුණු ආක‍්‍රමණ දියත් කරමින් සිටින බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. ලිබියාවට පහර දුන් අධිරාජ්‍යවාදීන් හෙට දිනයේ ඉරානයට, සිරියාවට පහරදීමට කැසකවමින් සිටින බවත් එවන් මොහොතන ශ‍්‍රී ලංකාවේ අධිරාජ්‍ය විරෝධී දේශපේ‍්‍රමී ජනතාවත් සමඟ එක්ව මෙරට පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය වටලන්නට තමන් සූදානම් බවද කියා සිටී.

වීරවංශ මහතා මේ බව කියා සිටියේ “වම නොදන්න වමේ අවුල” යන මැයෙන් කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වූ විශේෂ දේශනයකදීය. එහි ප්‍රධාන දේශනය පැවැත්වූ විමල් වීරවංශ මහතා මෙසේද කීය.

වත්මන් දේශපාලන ප්‍රවණතා මත අප මෙවැනි කතිකාවතක්‌ සඳහා මුණගස්‌වන්න බලකරලා තිබෙනවා. ලිබියානු නායක ගඩාෆි ඝාතනය කරලා ඒ ලේ සුවඳ යන්නත් කලින් ඉරානයට පහරදිය යුතු බවට අද තීරණය කර තිබෙනවා.

අධිරාජ්‍යවාදීන් සිය සළුපිළි උනාදමා සම්පත් සහිත රටවල් අත්පත් කරගැනීමේ සටනක පෙරමුණ ගෙන තිබෙන මොහොතක්‌ මේ. ඒ වගේම ඇමරිකා එක්‌සත් ජනපදයේ වීථි වල තරුණ කොටස්‌ අරගල කරන්න පෙළඹී තිබෙනවා. අනෙක්‌ පැත්තෙන් මහා බ්‍රිතාන්‍යයේ සුපිරි වෙළෙඳසල් කොල්ල කන, ඉතාලිය, ප්‍රංශය ආදී බටහිරකරයේ දුබල රාජ්‍යයන් හි විරෝධතා මතුවන තත්ත්වයක්‌ උද්ගතවී තිබෙනවා.

මේ වනවිට ජර්මනියේ නව නාසිවාදයක්‌ ආරම්භවී තිබෙනවා. මේ සියල්ල ගැන බැලූ කල බටහිර, යුරෝපය විසින් නිර්මාණය කරන ලද ඒ අධිපරිභෝජන රටාවට හුරුවීමට වර්තමාන තත්ත්වයන් හමුවේ නොහැකිවී තිබෙනවා.

මේ සියලු තත්ත්වයන් මත ශ්‍රී ලංකාවේ අපිට නොවැළැක්‌විය හැකි ලෙසට ප්‍රබල එකමුතුවක්‌ ගොඩනඟන්න අවශ්‍ය වෙලා තිබෙනවා. තෙල් සහ ගෑස්‌ සම්පත හිමි රාජ්‍යයක්‌ විදිහට අධිරාජ්‍යවාදීන් විසින් සුඩානයට වඩා වැඩි වැදගත්කමක්‌ ඇති රටක්‌ ලෙස සලකන අපේ රටට විශේෂ අභියෝගයක්‌ මේ මොහොත වනවිට පැනනැගී තිබෙනවා.

මේ නිසා අපට මේ මහා තියුණු ආක්‍රමණවලින්, ලිබියාව වැනි රටවල් කුඩු පට්‌ටම් කරමින් සිදුවන ආක්‍රමණවලින් පිරී ඉතිරී යන යුගයේ අපට බලකොට තිබෙනවා, ඊට මුහුණ දීමට සූදානම් වෙන්න කියලා. ඒ බලයට කෙළින් මුහුණදී ජයගත නොහැකිව මානව සංහතියට අඟලක්‌ හෝ ඉදිරියට යන්න බැහැ.

ඒ අතරේ ඕසෝන් ස්‌ථරයට සිදුවන හානි සහ මිනිස්‌ අධිපරිභෝජන රටාව මත ස්‌වභාවධර්මයට සිදුවන බලපෑම් අනුවත් මේ සියල්ලටම පිළිතුරු සොයන්න ඒ සඳහා නියමිත තැන හිටගන්න කියලා ඉල්ලා සිටිනවා.

මේ සියලු තත්ත්වයන් අතික්‍රමණය කළ හැකි දෙයක්‌ නිර්මාණය කරගත යුතුයි කියාත් අපට බලකෙරෙනවා.

මේ පිළිබඳව කල්පනා කරන කොට වමේ ව්‍යාපාරය ගැන අවධානය යොමු වෙනවා. ඓතිහාසික කාර්යභාරයක්‌ වමේ ව්‍යාපාරය විසින් අතීතයේදී ඉටු කරනු ලැබුවා. ඉන් පසුව ජනතා විමුක්‌ති පෙරමුණ සුවිශේෂ කාර්යභාරයක්‌ ඉටු කරනු ලැබුවා. ඒත් එම ව්‍යාපාරය අද ඔත්පළව දුර්වල වී අවසන්.

එම ව්‍යාපාරය පැරැණි වම බවටත් ඊට පෙර වම ඉපැරැණි වම බවටත් අද පත්වී තිබෙනවා.

වත්මන් අභියෝග හමුවේ පළමුව වම හිටගත යුත්තේ කොතැනද කියලා තීරණය කර ගන්නේ නැතුව මේ අවුල ලිහාගන්නේ නැතුව ඊට මුහුණ දීමට නොහැකියි. අපි වම ගැන කතා කරන්නේ වමට ද්වේෂ සහගත ප්‍රහාරයක්‌ එල්ල කරන්න නොවෙයි. මේ රටේ ඉදිරි ගමන වෙනුවෙනුයි අපි ඒ ගැන කතා කරන්නේ. මේ රටේ ප්‍රගතිශීලී ගමන වෙනුවෙන් මේ ඕනෑ දෙයක්‌ අතහරින්න දැන් වුණත් අනාගතයේදී වුවත් අපි සූදානම්.

බොහෝ දේශපාලන පක්‍ෂවලට න්‍යායධර්මයක්‌ නෑ. නමුත් වමට තදින් එලබගත හැකි න්‍යායධර්මයක්‌ තිබෙනවා. ඒත් දේශපාලන ව්‍යාපාරයක්‌ විසිතුරු භාණ්‌ඩයක්‌ ලෙස හදලා තියන්න පුළුවන් දෙයක්‌ නොවෙයි. වමේ දේශපාලනය භාවිතාව අනුව තම උපාය උපක්‍රම තෝරා ගන්නවා.

2001 දී රනිල් වික්‍රමසිංහ පාලනය බලයට එනකොට බටහිර න්‍යාය පත්‍රය වික්‍රමසිංහ මහතා කර මතට ගන්නකොට, සටන් විරාම ගිවිසුම ගහනකොට අන්න ජවිපෙට බල කෙරෙනවා ජාතික විමුක්‌තිය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට අවශ්‍ය උපාය උපක්‍රම තෝරන්න.

ඒ නිසා තමයි ගාල්ල සිට නුවර සිට කොළඹට පා ගමන් එන්නේ, විද්වතුන්. වෘත්තිකයන්ගෙන් සැදුම්ලත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය බිහිවෙන්නේ.

ජාතික විමුක්‌ති අරගලය කියන්නේ ජාතික බලවේග සමග අත්වැල් බැඳගෙන කළ යුතු දෙයක්‌. හැබැයි දැන් ඉන්න හාදයෝ නම් කියන්නේ මේවා වැරැදියි කියලයි.

එදා ජවිපෙ කරපු දේවල් හරියටම හරි, උපාය මාර්ගයට අනුකූලයි, චන්ද්‍රිකාගේ ආණ්‌ඩුවත් එක්‌ක එකතුවුණු එකත් හරි. ඒ ආණ්‌ඩුවෙන් එළියට බැස්‌ස එකත් හරි. චන්ද්‍රිකාගේ ආණ්‌ඩුවෙන් එළියට බහින්න ජවිපෙ ඒකමතික තීන්දුවක්‌ ගත්තේ. හැබැයි ඒ වෙලාවේ ජවිපෙ සමහර අයට නම් ආණ්‌ඩුවේ ඉඳලා එපාවෙලා තිබුණේ.

ආණ්‌ඩුවේ වැඩ, අමාත්‍යාංශවල උත්සව, සාකච්ඡා මේ හින්දා ආණ්‌ඩුව එපාවුණු අයත් හිටියා. ඒ දවස්‌ වල ටිල්වින් සිල්වා මහත්තයාට දේශපාලන මණ්‌ඩලයේ ඉන්න අය එකට රැස්‌කර ගන්නත් බැරිවුණා.

චන්ද්‍රිකා සුනාමි සහන මණ්‌ඩලය ගෙනල්ලා අධිරාජ්‍යවාදයේ කොන්ත්‍රාත්තුව ඉෂ්ට කරන්න යනකොට ඒ ආණ්‌ඩුවෙන් එළියට බැස්‌ස එක උපාය මාර්ගයට අනුකූලයි. හැබැයි මේවා ගැන කියන හාදයෝ චන්ද්‍රිකා එක්‌ක එකතු වුණු එකත් වැරැදියි, ඊට පස්‌සේ ඒ ආණ්‌ඩුවෙන් ආපු එකත් වැරැදියි කියලා කිව්වේ නෑ.

2005 ජනාධිපතිවරණයේදී නැවත රනිල් වික්‍රමසිංහ බලයට ඒමේ ප්‍රවණතාවයක්‌ තිබුණා. ඒත් ඒ වෙනකොට ජවිපෙ අධිරාජ්‍ය විරෝධී අරගලයේ දැක්‌ම කළමණාකරණය කරගන්නේ නැතිව වාමාංශික අනන්‍යතාව ගැන කල්පනා කරන්න වුණා.

එදා කුමාර ඇතුළු කීප දෙනෙක්‌ කිව්වේ තනිව තරග කළ යුතුයි කියලයි. ඒත් මමත්, නන්දන ගුණතිලකත් පැහැදිලිව කිව්වා ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ දිනවිය යුතුයි සහ ආණ්‌ඩුවේ කොටස්‌කරුවන් විය යුතුයි කියලා. ඒ හරහා එල්.ටී.ටී.ඊ. ය පරාජය කරන්න ක්‍රමානුකූලව පියවර ගත යුතුයි කියලා.

ඒත් එදා ජවිපෙ මහින්දව දිනවලා ජාතික කොඩිය මහින්ද අතට දීලා අපි යනවා පන්ති සටනට කියා ජවිපෙ ගත්තේ බාල තීරණයක්‌. දැන් එක හාදයෙක්‌ කියලා තිබුණා චන්ද්‍රිකා එක්‌ක සන්ධාන ගහපු එකත් වැරැදියි, මහින්ද එක්‌ක සන්ධාන ගහපු එකත් වැරැදියි, සරත් ෆොන්සේකා දිනවන්න ක්‍රියාකරපු එකත් වැරැදියි කියලා.

එදා මහින්ද රාජපක්‍ෂ දිනවන්න උදව් කරපු එක වැරැදි නම් මහින්ද දිනවීම හරහා රටේ ඒකීයභාවය ආරක්‍ෂා කරගැනීමත් වැරැදිද?

එදා ඔය අය ජාතික විමුක්‌ති අරගලය දියත් කිරීම සඳහා දේශය සුරැකීමේ ව්‍යාපාරය හදන්න කිව්වා. දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය වහන්න ඕනා කියලා කිව්වා.

ජනතා විමුක්‌ති පෙරමුණ ජාතික වශයෙන් මතුවෙච්ච අභියෝගවලට මුහුණ දෙන්න සැබෑ ලෙසම හිටගත්තේ නෑ. ඒ නිසයි ජවිපෙ තුළ වියවුලක්‌ ඇතිව තිබෙන්නේ. එදා රටේ දේශපාලන මතය පාලනය කරපු දේශපාලන ව්‍යාපාරය වුණේ ජවිපෙ. අපට මතකයි එදා පත්තරවල පිටු ගණන් අපිට වෙන් වුණා. එහෙම කළේ මනස පෝෂණය කරන දේශපාලන ව්‍යාපාරය ජවිපෙ නිසයි.

ඒත් වර්තමානය වන විට පවතින දුර්වල නායකත්වය නිසා ජවිපෙ බෙදුණා.

මේ ළඟදී මෙරට ඇමරිකන් තානාපති පැටි‍්‍රශියා බුටේනිස්‌ මහත්මිය ඇමරිකාවට කේබල් පණිවුඩයක්‌ යවමින් කියා තිබෙනවා සරත් ෆොන්සේකා සහ ද්‍රවිඩ ජාතික සන්ධානය අතර ඇති වුණු ගිවිසුම එහි සඳහන් වෙලා තිබුණා. උතුරු නැගෙනහිරට වෙනම හමුදා සහ පොලිස්‌ බලතල දෙන්න, හමුදා කඳවුරු ක්‍රමානුකූලව ස්‌ථාපිත කරන්න. ඒ කියන්නේ අයින් කරන්න ආදී කරුණු ගණනාවක්‌. මේවා ජනතා විමුක්‌ති පෙරමුණ දැනගෙන හිටියා. ජවිපෙට වැරදුනේ මහින්ද රාජපක්‍ෂට ජාතික සටන කරන්න දීලා ජවිපෙ පන්ති සටන කරන්න ගිය එකයි. ඒත් උපාය මාර්ගයට පිටුපෑමෙන් වුණු දෙයක්‌. එදා අපිව ඉවත් කරන්නයි කණ්‌ඩායම් වාදය පක්‍ෂය තුළ හැදුවේ. ඒත් දැන් ටිල්වින්ට, සෝමවංශට එරෙහිව කණ්‌ඩායම්වාදය පැමිණ තිබෙනවා.

අපි අහනවා රෝහණ විඡේවීර සහෝදරයාගේ උරුමයේ දෙපැත්තට බෙදාගන්න වලිකන අය පාපතර අධිරාජ්‍යවාදයට එරෙහිව සිදු කරන්නේ මොකද්ද කියලා. පැටි‍්‍රශියා බුටේනිස්‌ එක්‌ක එකතුවෙලා අධිරාජ්‍යවාදය එක්‌ක එකට හිටගන්න මේ අයට ලැඡ්ජ නැද්ද? මේ අය අද කැලේ පැනලා එය වමේ ව්‍යාපාරයට වුණු හොඳ දෙයක්‌ නොවෙයි.

යුද්ධය අවසන් කළාට සියල්ල ඉවර වෙන්නේ නැහැ. හෙට අනිද්දා වෙනකොට ඉරානයට ගැහැව්වොත් එවිට ඔවුන් සතු න්‍යෂ්ටික අවි භාවිත කළහොත් ඉරානයට රුසියාවෙන් සහයෝගය දැක්‌වුවොත් ඇති වෙන්නේ ලිබියාවේ ඇතිවුණු තත්ත්වයක්‌ නොවෙයි.

මේ නිසා මේ නව තත්ත්වයන් පිළිබඳව නව දාර්ශනික කියවීමක්‌ සහිත සාමාජිකයන් ඇතුළත් නව ජාතික ව්‍යාපාරයකට නොගියොත් වමේ ඇති මේ අවුල ලිහාගන්න බෑ. ඉතිහාසයේ සිදුවූ දේවල් නැවත ඒ විදිහටම තව තැනක සිද්ධ වෙන්නේ නැහැ. මේ රටේ ජාතික විමුක්‌ති අරගලය සඳහා සමාජවාදී සමාජයක්‌ බිහි කළ යුතුයි.

ඒ සඳහා ඔබින දර්ශනයක්‌ අපි මේ පොළොව මතින් නිර්මාණය කරගත යුතුයි. මේ අභියෝගය අප ඉදිරියේ තිබෙනවා. ජාතික විමුක්‌ති අරගලයට ඔබින මිනිසා සහ ව්‍යාපාරය බිහි කරගන්න නම් ඒ සඳහා අවශ්‍ය භූමිකාව අප විසින් නිර්මාණය කළ යුතුයි.

දැන් තිබෙන තත්ත්වය අනුව ජවිපෙ අනුරලාට බෙංගාසි පන්නයේ කැරැල්ලක්‌වත් කරගන්න බෑ. ඒකට හැකියාව තිබෙන්නේ ඔය අනෙක්‌ කණ්‌ඩායමට බවයි මට පෙනෙන්නේ.

ඔය මොනවා වුණත් මාක්‌ස්‌වාදය වපුරන්නේ නැති නව චින්තනයක්‌ සහිත සමානාත්මක සමාජවාදයක්‌ ආරම්භ කළයුතුයි. ඊට අපි නායකත්වය ගත යුතුයි. ජාතික විමුක්‌ති අරගලයට අවශ්‍ය නායකත්වය අප විසින් නිර්මාණය කරගන්න ඕනෑ. වමේ ව්‍යාපාරයේ ජයග්‍රහණ, ඇදවැටීම් යන සියලු අත්දැකීම් එකතු කරගෙන අප විසින් ඊට නායකත්වය සැපයිය යුතුයි.

Source: CNews  වම නොදන්නා වමේ අවුල

Related Posts:
Freedom of expression must not de-generate into wild ass freedom on cyber space - Victor Ivon

2 comments:

  1. Nov 14 (DM) Bharatha’s daughter seeks justice. Hirunika Premachandra, the daughter of Bharatha Lakshman Premachandra, said yesterday that her family would be compelled to seek redress internationally with regard to her father’s killing if the authorities failed to bring the killers to book. Speaking to a private TV channel yesterday, Ms. Premachandra said UPFA MP Duminda Silva’s departure abroad to seek treatment was questionable, as he had not sought permission from the police. http://www.infolanka.com/news/IL/dm160.htm

    ReplyDelete
  2. Nov 14 (TC) 'Freedom of expression must not de-generate into wild ass freedom on cyber space'. The Telecommunication Regulatory Commission (TRC) has blocked several news websites. Local and foreign media organizations have criticized and protested the govt’s decision to block them. The US and European Union embassies too, had issued statements expressing their concerns over this decision. The media organisations have a right to condemn the attempts by the govt to suppress the freedom of expression.
    Freedom of expression must not de-generate into wild ass freedom on cyber space - Victor Ivon

    ReplyDelete