Showing posts with label 1988-1989 භීෂණ සමය. Show all posts
Showing posts with label 1988-1989 භීෂණ සමය. Show all posts

Sunday, November 13, 2011

Murder of JVP Rebel Leader Rohana Wijeweera: - ඔහු මරා දැමූ දවස අදයි! (1989 නොවැම්බර් මාසෙ 13 වැනිදා)

ඉල්මහේ විරු සමරු දිනය අදයි. 1988-89 භීෂණ සමය තුළ ලෙයින් යකඩින් මර්දනය කර මරා පුලුස්‌සා දැමූ මේ රටේ 60,000 කට වැඩි ශ්‍රී ලාංකික දූ පුතුන් සමරනුවස්‌ පවත්වන ඉල්මහේ සමරු දිනය නොවැම්බර් 13 වැනිදාට යෙදී ඇත්තේ ඒ තරුණ තරුණියන්ගේ සදාදරණීය නායකයා වූ දොන් නන්දසිරි විජේවීර හෙවත් රෝහණ විජේවීර මරා දැමුණු දිනය එදා නිසාය. ඉල්මහේ විරු සමරු දිනය සමරන අද දවසේ, ඒ දිනයේ ලොකුම සාක්‍ෂිකරුවා අද අපි සමගය. විජේවීරගේ අවසන් මොහොත, එදා යුද හමුදා පොලිසියේ සෙබළෙකුව සිට දැසින් බලාසිටි ඉන්ද්‍රානන්ද ද සිල්වා නම් මොහු අද ක්‍රියාකාරී ජවිපෙ සාමාජිකයෙකි. හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකි. ජවිපෙ කැරලිකාර පිලේ උතුරුමැද පළාතේ ප්‍රබල නායකයකුව සිටින ඔහුට, විජේවීර ඝාතනයට වසර 22 ක්‌ සපිරෙන මේ මොහොතේ එදා ඔහු දුටු සියල්ල ඒ ලෙස ඔහුගේ වචනයෙන්ම විස්‌තර කර කියන්නට ඉඩ හැරියේ, ඒ විස්‌තරය ලොවට කියන්නට ඔහු හැර වෙනත් සුදුස්‌සෙක්‌ ලොව තවත් නැති නිසාය. පින්තූර - සංජීව සමරරත්න
In 88/89 period (in Sri Lanka), JVP repeated the same mistake of turn to violence like in 1971. By this time JVP had completely lost political flavor where they acted more like terrorists than revolutionists. During the terror period JVP hardly confronted with armed forces or police, rather they mostly murdered journalists, religious leaders, educationists and intellectuals (similar tactics of LTTE terrorists).

ඔහු මරා දැමූ දවස අදයි!
Rohana Wijeweera

මට හොඳට මතකයි ඒ දිනය. 1989 නොවැම්බර් මාසෙ 13 වැනිදා. එතකොට මම වැඩ කළේ ශ්‍රී ලංකා යුද හමුදා පොලිසියේ ඡායාරූප ශිල්පියා ලෙස. මම හිටියේ ලාන්ස්‌ කෝප්‍රල්වරයකු ලෙස. ඒ දවස්‌වල මම රාජකාරි කළේ නාරාහේන්පිට යුද හමුදා පොලිස්‌ මූලස්‌ථානයේ.......

හමුදාවට සම්බන්ධ විවිධ උත්සවවල වගේම කොළඹ එවකට තිබූ වධකාගාරවලට ගෙනෙන විවිධ අන්දමේ පුද්ගලයන්ගේ ඡායාරූප ගැනීමත් මගේ දෛනික රාජකාරියේ කොටසක්‌ වෙලා තිබුණා. මට මතක විදියට එතකොට කොළඹ ප්‍රධාන පෙළේ හමුදා වධකාගාර 7 ක්‌ විතර තිබුණා. ඒ හැම එකකටම මම ගියා. එකක 60 ක්‌ විතර අපේ තරුණ තරුණියෝ හිටපු විත්තිය මට මතකයි.