Thursday, October 1, 2015

ගැහැනු ලමයෙකුට පිරිමි ලමයි දෙන්නෙක් අමානුශික ලෙස පහර දෙනව

#‎SriLanka‬ ‪#‎ViolenceAgainstWomen‬ ‪#‎AbuseOfPower‬ ‪#‎AbuseOfHumanRights‬
ගැහැනු ලමයෙකුට පිරිමි ලමයි දෙන්නෙක් අමානුශික ලෙස පහර දෙනව බලන් ඉන්නත් දුකයි. මේවා ප්‍රචාර කරෙ නැත්නම් මේවගෙ මීනිස්සු ඉන්නව කියල අනෙක් මිනිස්සු දන්නෙත් නැ. මේ අධමයින් දෙන්න අහිංසක කෙල්ලෙකුට වට කරගෙන ගහන එක වීරකමක් වගෙ ඇගට දැනෙනවනම් එකෙන් කියවෙන්නෙ ඔවුන්ගෙ තියෙන බියගුලු ස්වභාවය සහ මෝඩකම. ඒත් මේව ඉවසිය යුතු දෙවල් නෙවෙ. හෙලා දකින්න ඔනෙ, දඩුවම් පමුනුවන්න ඔනෙ, අනෙක් අයව දැනුවත් කරන්න ඔනෙ, කාන්තා හිංසනය පිටුදකින්න නම්.

මෙතන සිද්දියට හේතුව එතරම් පැහැදිලි නැති උනත් රුවන් චෝදනා කරනව යාලුවෙලා ඉන්න කෙල්ලට ඇය කල වරදක් ගැන. මොකද්ද වරද කියල පැහදිලි නැහැ. කෙල්ල නැවත නැවතත් අහනව කොල්ලට (රුවන්ට ) උත්තර හෝ සාක්ශි නැහැ. රුවන් කරන්නෙ කෙල්ලට පහරදිම පමනයි. රුවන් චොදනා කරනව රුවන්ගෙ කදුලුවලට කෙල්ල වග කියන්න ඔනෙ කියල. එතකොට කෙල්ලගෙ කදුලු වලට කවුද වග කියන්න ඔනෙ රුවන් කියල රුවන් ට වැටහෙන්නෙ නැහැ. රුවන්ගෙ යාලුවත් රුවන්ගෙ කෙල්ලට ගහන එක කොහොම සාධාරනිකරණය කරන්නද?

කොටින්ම මෙතන වෙන්නෙ වඩා ප්‍රභල පුරුෂාධිපත්ය සහ බලපුලුවන්කාරකම නිර්ලජ්ජ ලෙස දුබල ස්ත්‍රියකට ප්‍රදර්ශනය කිරිම පමනයි. නිතිය ක්‍රියාත්මක විය යුත්තෙ මෙවැනි අධමයින්ගෙන් සමාජට වෙන (විශෙශයෙන් දුබලයට වෙන ) හානි වලක්වන්න.

No comments:

Post a Comment