Sunday, April 8, 2012

රජයේ දේශපාලකයෝ මහජන මුදලින් රතී ක්‍රීඩාවල

EXPOSE!!!
රජයේ දේශපාලකයෝ මහජන මුදලින් රතී ක්‍රීඩාවෙ. දේශපාලකයන් (හෝ ඕනෑම කෙනෙකු)රති ක්‍රීඩා වල යෙදුනාට කම් නැත, එහෙත් අප කරුණු දෙකක් රජයේ අවධානයට යොමු කලයුතු බවයි මගේ හැඟීම:
1. මහජන මුදලින් රජයේ දේශපාලකයෝ රති ක්‍රීඩාවේ යෙදෙන වාද නැද්ද යන්න පිළිබඳව විමර්ශනයක් කර ජනතාවට වාර්තා කිරීම (ඔවුන්ගේ වගකීමක් බව) සහ එවැනි ක්‍රියා නතර කිරීමට පියවර ගැනීම.
2. රජය ජනතාවගේ රති ක්‍රීඩා අනිසි ලෙස බලය යොදා ගනිමින් තලා පෙලා දැමු නිතිය සහ යාන්ත්‍රනය විමර්ශනය කිරීම සහ අවශ්‍ය සංශෝදන ගෙන ඒම. (කැබිනෙට් ඇමතිවරු ගණිකා මඩම් වල ඇසුර පතනවානම් ජනතාවටද එම වරප්‍රසාද තිබිය යුතුය. එනිසා ගණිකා, සම්භන නීතිගත කිරීම)
(උපුටා ගැනීම Gossip9.comApril 7, 2012). කැබිනට් ඇමතිවරුන් , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විශාල පිරිසක් ජනතා මුදල් වැය කරමින් නිරන්තරයෙන් රති ක්‍රීඩාවල නියැලෙන බව හෙළි වී තිබේ. මෙම පිරිස අතර ජේෂ්ඨ කැබිනට් ඇමතිවරුන් කිහිප දෙනෙකුද සිටිති. 

තම තමන්ගේ අමාත්‍යංශ වල මුදල් සම්පත් වාහන යොදා ගනිමින් මෙලෙස කාම සැප ලබන දේශපාලකයන් ජනතාවට පටි තද කරගන්න ලෙසටත් විදුලිය , බලශක්ති පිරිමසින ලෙසටත් ඔවදන් දීම වැදිබණ කීමක් බවට පත් වී ඇත. විවිධ වැඩමුළු පවත්වන නියායෙන් අමාත්‍යංශ මුදල් වියදම් කරමින් තරු පහේ හෝටල් වල රැස්වීම ශාලා සහ කාමර වෙන් කර ගනිමිනින් සුප්‍රකට සිනමා සහ ටෙලිනාට්‍ය නිලියන්, මෝස්‌තර නිරුපිකාවන් ගේ පහස ලබා ගැනීම සඳහා ඔවුන්ව එම ස්ථාන වෙත ගෙන්වා ගැනීම සිදු කරන බව ඇමති ආරක්ෂක අංශ වල සාමාජිකයන් පවසති. ඇතැම් විට රජයේ නිවාඩු නිකේතන , අමාත්‍ය සහ මන්ත්‍රී නිල නිවාසද මේ සඳහා බහුලව යොදා ගැනෙති.

ටෙලි නාට්‍ය , සිනමා සහ මෝස්‌තර නිරුපිකාවන්ට අමතරව තම තමන්ගේ අමාත්‍යංශ වල විවිධ පත්වීම් ලබා දී ඇති රූමත් තරුණියන්ද ලිංගික කටයුතු සඳහා ගෙන්වා ගන්නා බවට වාර්තා වේ. දේශපාලකයන්ගේ සන්තර්පණය සඳහා ගෙන එන කාන්තාවන් ප්‍රවාහනය කිරීමද සිදු කරන්නේ දේශපාලකයන්ගේ සුපිරි වාහන වලින් වන අතර ඔවුන් සඳහා ආහාර ඇනවුම් කරන්නේ තරු හෝටල් වලින් රජයේ (ජනතා) මුදල් වැය කරමිනි. 


මෙම අමාත්‍යංශ වල වැඩ කරන ඇතැම් උසස් නිලධාරීන් ද අමාත්‍යංශ විෂය භාර ඇමතිවරයා, නියෝජ්‍ය ඇමතිවරයා සතුටු කිරීම සඳහාද ඔවුන්ට කාන්තාවන් සපයති.

සමහර මැති ඇමතිවරු ලිංගික චිත්‍රපට නිෂ්පාදකවරයෙකු විසින් පවත්වාගෙන යන සුපිරි ගණිකාවන් විකුණන ජයීක් හිල්ටන් හි හත්වන තට්ටුවේ අංක 07 සහ අංක හතර 04 කාමරද ඇතැම් විට භාවිතා කරයි. නැතහොත් දුරකථන ඇමතුමක් දීමෙන් සුපිරි ගණිකාවන් දේශපාලකයාට අවශ්‍ය ස්ථානයට ගෙනවිත් දේ. 


මේ සඳහා ඒ ඒ අමාත්‍යංශ වල විවිද ව්‍යාජ ව්‍යාපෘති යටතේ මුදල් ගෙවීම කරන අතර සමහර විට ටෙන්ඩර් පාස් කිරීම නිසා සතුටට පත් වූ වියාපරිකයන් විසින් අදාල ගණිකා මඩම් හිමියාට මුදල් ගෙවයි.

අග්‍රාමාත්‍ය ධුරයද දරන ලද ලද එක වයෝවෘධ ජේෂ්ඨ කැබිනට් ඇමතිවරයෙකු කාන්තාවන් තමන් වෙත ගෙන ඒම සඳහා ඔහුට රජයෙන් ලබා දී ඇති වෙඩි නොවදින ආරක්‍ෂිත රථය භාවිතා කරන බව හෙළි වී තිබේ. 


හෙළ උරුමයන් පැමිණ අමාත්‍යධුරයක් දරන දේශපාලකයෙකු එකවර කාන්තාවන් දෙතුන් දෙනෙකු සමග ලිංගික කටයුතු වල නිරත වන අතර එම කාන්තාවන්ට පර පිඩක ක්‍රියා කිරීමෙන් තෘප්තිය ලබන බවටද වාර්තා වේ. මෙම දේශපාලකයාගේ පර පිඩක ක්‍රියා ක්‍රියා නිසා 2009 වසරේදී ඔහුගේ බිරිඳ දික්කසාද නඩුවක් දමා ඔහුගෙන් වෙන් විය

තවත් අමාත්‍යවරයෙකු කන්‍යාවන් සමග ලිංගිකව එක්වීමට ආශාවක් දක්වන අතර ඔහුගේ අමාත්‍යංශයේ රැකියා ලබා දීමේදී නෑඹුල් තරුණියන් සඳහා අවස්ථාව ලබා දෙයි.

ජාත්‍යන්තර මුල්‍ය කටයුතු පිළිබඳව අමාත්‍යධුරයක් දරන ජේෂ්ඨ ඇමතිවරයෙකු මැදි වයසේ සිටින සිනමා නිළියක් තමන් වෙත නිතර ගෙන්වා ගන්නා අතර මේ නිසා ඇය දේශපාලනයටද අවතීර්ණ වුවාය. මෙම තැනැත්තියට ඔහුගේ අමාත්‍යංශ ලේකම් පවා අමතන්නේ මැඩම් යන ගරු වදනෙනි. 

තවත් ඇමතිවරයෙකු රාජකාරි වෙලාවල පවා තම පුද්ගලක ලේකම්වරිය සමග රජයේ නිවාඩු නිකේතන වලට යයි. මොහු අක්ෂරය චිත්රපටය අසික්ෂිත දර්ශන තිබෙනවා කියා තහනම් කිරීමට මුල් වූ අයෙකි. 

වතු කම්කරුවන් ගේ අයිතවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ද්‍රවිඩ අමාත්‍යවරයෙකුට දිනපතා විදේශීය ගණිකාවන් අවශ්‍ය කරන අතර මේ සඳහා දිනකට ඔහු අමාත්‍යංශයේ මුදල් රුපියල් ලක්ෂයක් පමණ වියදම් කරයි. 

දිළිඳු පිඩිත පන්තියේ දෙමාපියන්ට දාව උපත ලබා ජවිපෙ වැනි රැඩිකල් දේශපාලන පක්ෂ වලින් තම දේශපාලන දිවිය අරඹා පසුව පාලක පන්තියට හේත්තු වී සිටින දේශපාලකයන් කිහිප දෙනෙකුද නැති බැරි කාලයේ ලබා ගැනීමට නොහැකි වූ කම් සැප එරියස් සමග දැන් විඳින බව හෙළි වේ. මේ වර්ගයට අයත් වන එක් නියෝජ්‍ය අමාත්‍යවරයෙකු තම අමාත්‍යංශයේ ඇඳක් සහිත විශේෂ කාමරයක් ද ඒ සඳහා තනවා ඇත.

ලිංගිකත්වය සහ ලිංගික කටයුතු යනු අතිශයින්ම පුද්ගලික ක්‍රියාය. නමුත් මෙම ක්‍රියා සඳහා තමන්ගේ දේශපාලන බලතල යොදා ගනිමින් රජයේ (ජනතා) මුදල් කාබාසිනියා කරන්නේ නම් එය හෙණ ගහන ජාතික අපරාදයකි. 


එසේම තමන් සියලු අවකල් ක්‍රියා කරමින් ජනතාවට සදාචාරය ගැන බණ දෙසමින් කෙටි සායවල් තහනමට , ලිංගික චිත්‍රපට වල රඟපෑ හෝ පෙම්වතා විසින් මුලා කොට වීඩියෝ කිරීමෙන් පසු අන්තර්ජාලයට මුදා හැරි පටවල සිටින වින්දිතයන් අත්අඩංගුවට ගැනීමට, ලිංගිකත්වය තිබෙනවා කියා චිත්‍රපට, නාට්‍ය තහනම් කිරීමට පෙරමුණ ගැනීම වැනි තලිබාන් පන්නයේ වැඩ කිරීම කුරිරු දෙබිඩි පිලිවතකි

මේ අන්දමට ජනතා මුදල් කාබාසිනියා කරමින් දේශපාලකයන් කම් සැප විඳීම මගින් ජනතාව කෙසේ වෙතත් මේ පරපුටු දේශපාලන නඩය නම් ආශ්චර්ය කරා ගමන් කිරීම අනිවාර්යෙන්ම සිදු වනු ඇත.

අමිල ගුණරත්න
(උපුටා ගැනීමGossip9.com)

3 comments:

  1. "දේශපාලන, පුද්ගල නිදහස — March 12, 2012 5:45 pm
    ලැගුම්හල් සදාචාරය හා පොලීසියේ භූමිකාව
    දඹුල්ල ප‍්‍රදේශයේ පුද්ගලික ලැගුම්හල් සම්බන්ධයෙන් දියත් කරන ලද සෝදිසි මෙහෙයුමක් පිළිබඳව ප‍්‍රශංසනාත්මක ලිපියක් 2011 දෙසැම්බර් 11 වැනිදා ඉරිදා ලංකාදීප පුවත්පතේ දඹුල්ලේ කාංචන කුමාර ආරියදාස නම් පුද්ගලයෙකු විසින් පළ කොට තිබුණි. දඹුල්ල පොලීසිය විසින් අදාළ සෝදිසි මෙහෙයුම දියත් කරන ලද්දේ ඔවුන් විසින්ම පසුගිය ඉරිදාවක එම පුවත්පතේම පළ කරන ලද යම්කිසි හෙළිදරව් කිරීමක් පාදක කරගෙන බව ලියුම්කරු සඳහන් කරන්නේ යම්කිසි ආඩම්බරයකින් බවද පෙනුණි. ඊට අමතරව පසුගිය ඉරිදා (2011.12.18) දිනද ලැගුම්හල් හා වෙනත් රහසිගත ස්ථාන කරා යන පෙම්වතුන් හා අනෙකුත් ලිංගික සතුට සොයන්නන් පිළිබඳ දීර්ඝ ගවේෂණාත්මක ලිපියක් පළකර තිබුණි. මෙහිදී මෙම ලිපිවල ලියුම්කරුවන් විසින් ඉස්මතු කරන ලද්දාවූ කාරණා සුචරිතවාදී සමාජ දෘෂ්ටිකෝණයෙන් සාධාරණ බව පෙනී ගියද මේ සම්බන්ධයෙන් නෛතික දෘෂ්ටි කෝණයෙන්ද විග‍්‍රහයක් ඉදිරිපත් කිරීම උචිත යැයි මට හැඟුණි.
    මෙහිදී මෙම ලිපි දෙකම සම්පාදනය වී ඇත්තේ ලැගුම්හල් කරා ලිංගිකත්වය සෙවීමේ අරමුණින් යන සියල්ලන් කෙරෙහිම විරෝධාකල්පයකින් බව පැහැදිලිය. මූලික වශයෙන් මෙහි අරමුණ වී ඇති මෙම අපචාරවලට ගොදුරු වන්නාවූ පාසල් දරු දැරියන් ගලවා ගැනීම ඉතා උතුම් අරමුණක් බවට මෙම ලියුම්කරුටද විවාදයක් නැත. සදාචාරමය වශයෙන් ගත්කල අනාචාරයේ හැසිරෙන්නන් හා බාලවයස්කාර පෙම්වතුන් සාකච්ඡාවෙන් බැහැර කරන්නේ නම් ඉහත කී කාණ්ඩ දෙකටම අයත් නොවන පෙම්වතුන්ට මෙහිදී යම් අසාධාරණයක් සිදුවී ඇත. පෙම්වතුන්ට පෙම් කිරීමට අයිතියක් ඇත. එසේම බාලවයස්කරුවකු නොවන ඕනෑම අයෙකුට තමා කැමති අයෙකු සමඟ ලිංගිකව හැසිරීමට ද අයිතියක් ඇත.
    මෙම පෞද්ගලික ලැගුම්හල් සහ ඒවායේ ලැගුම්ගන්නා පුද්ගලයන් සම්බන්ධයෙන් පොලීසියට ක‍්‍රියාත්මක විය හැකි යම් වපසරියක් ඇත. සමාජයේ ආරක්ෂාව උදෙසා එම වපසරිය තුළ ක‍්‍රියාත්මක වන පොලීසිය සමාජයේ ආරක්ෂාව උදෙසාම එම වපසරිය ඉක්මවා යාමෙන් වැළකිය යුතු බව අපගේ හැඟීමයි. සදාචාරය වැනි කාරණා සම්බන්ධයෙන් පොලීසියේ ක‍්‍රියාකාරිත්වයට යම් ‘බුරුලක්’ දිය යුතු බවද ඇතැම්හු විශ්වාස කරති. පොලීසිය ඇතැම් අවස්ථාවලදී තම සීමාවන් ඉක්මවා ක‍්‍රියාකිරීමට පෙළඹෙන්නේ ඇතැමුන් සාධාරණීකරණය කරන මේ “බුරුල” ප‍්‍රයෝජනයට ගනිමිනි. අඟුලාන සිදුවීම, දොම්පේ සිදුවීම හා කටුනායක නිදහස් වෙළඳකලාපයේ සිදුවීම වැනි අවාසනාවන්ත තත්වයන් පොලීසිය එකී “බුරුලෙන්” ප‍්‍රයෝජන ගත් අවස්ථා සඳහා මෑත කාලීන උදාහරණ වේ." http://www.samabima.info/?p=2074

    ReplyDelete
  2. අපි ප්‍රවුර්ති "ඕපාදුප" කියල අකටුයුත්කම් පැත්තකට කිරීම පනින රිලවුන්ට ඉනිමන් තිබීමක් වගේ. රජයේ දේශපාලකයෝ මහජන මුදලින් රතී ක්‍රීඩාවල යෙදෙන එක සමාජයේ බයානක ගරාවටිමක්. එක භ්යානක් ප්‍රතිවිපාක ගෙන දෙනවා. ඇමතිය සහ මන්ත්‍රිය මහජන මුදලින් වල්කම් කරනවා නම්, බලය පාවිච්චි කරලා අහිංසක සේවිකාවන්ට ලිංගික බලහත්කාර කරනවානම්, සමාජයේ පවුල් සංස්ථාව තුල අර්බුද ඇතිවීම් වලක්වන්න බැහැ. ඒක සමාජයේ බිහිසුණු ක්‍රියා වැලකට මුල පුරන්න පුළුවන්. අපි මිනිහෙක් මිනිමරනකල්ඉඳල උව කුඩු කරන එක නෙවෙයි කරන්න ඕනේ. ඒ මනුස්සය මිණිමරන්න හේතු වුන කාරනාව මුලිනුපුටා දමන එකයි වෙන්න ඕනේ. මෙම ලිපිය කියවූ කිසි කෙනෙක් ඒ තත්වය ගැන අනවබෝද්‍යෙන් සිටීමත්, සැහැල්ලුවට ගැනීමත් අද සදාචාරයේ ගරාවටිමට සාක්ෂි... විය යුත්තේ අපක්ෂපාති පරීක්ෂණ සිදුකරලා සත්‍ය සොයා ගැනීම. එක ආණ්ඩුවේ වගකීම. මහින්ද රාජපක්ස ආණ්ඩුව මේ වෙන කොට (අවුරුදු 3 ක්) සැහෙන ප්‍රමාණයක් නීති කඩ කිරීම්, නීති ක්‍රියාත්මක නොකිරීම්, වංචා, දුෂණ, මැරවරකම්, මිනිම්රුම, ලිංගික අඩත්තේට්ටම්, සහ මහජන මතයට නිගරු කිරීම් හිතුමතේකරමින් සිටිනවා. ඒ නිසා ආම්දුවට අවධාරණය කර සිටින්න ඕනේ රටේ නිතිය සහ සදාචාරය යලි ස්ථාපිත කරන ලෙස. [Lakshan Wickrema ගොසිප් නිසා 100% ක් විශ්වාස නැත. ඇරත් ඔය එක පොරක් ගැන ඔය වගේම කතාවක් කිවු අයෙක් හිටි ගමන් ඍද්ධි විය . Chamalka Alwis ඔවානම් ඉතින් ප්‍රසිද්ද රහස් නේ . එකක් නෙවෙයි සීයක් තියාගත්තත් කමක් නෑ අනිත් එවුන්ට වැදි බන දේශනා කරන්නේ නැතුව] https://www.facebook.com/groups/slpolitics/347457261968402/

    ReplyDelete
  3. රජයේ දේශපාලකයෝ මහජන මුදලින් රතී ක්‍රීඩාවල..
    වැල් පෙනෙල ශාකා
    ගිතෙලින් මලවලා කා
    අඹු නොතකන එකා
    අම්මත් තකයි ඒකා

    ReplyDelete