Tuesday, April 3, 2012

ගණිකාවාස පනත සහ මානව හිමිකම් මෙවලම් සහ ආයතන

නීතියේ ආධිපත්‍ය කෙරෙහි ඇති ගරුත්වය ආරක‍්ෂා කිරීම, ප්‍රවර්ධනය කිරීම සහ සෑම පුරවැසියෙකුගේම මානව හිමිකමි ආරක‍්ෂා කිරීම උදෙසා  උපුටාගත් ලිපි එකතුවකි.

ලැගුම්හල් හා පෙමවතුන් පිලිබඳ ලංකාවේ නීතිය


මෙහිදී ලැගුම්හල් සම්බන්ධයෙන් පොලීසියට ක‍්‍රියාත්මක විය හැකි වපසරිය තීරණය වන්නේ ඒ සම්බන්ධයෙන් පවත්නා විවිධ නීතිරීති මගිනි. ඒ සම්බන්ධයෙන් වර්තමාන සමාජයේ පුරවැසියන්ට පමණක් නොව, ඇතැම් පොලිස් නිලධාරීන්ටද පැහැදිලි අවබෝධයක් නොපවතින බව සමාජ සිදුවීම් ආශ‍්‍රයෙන් ප‍්‍රත්‍යක්ෂ වේ. එබැවින් පොලීසියේ නිශ්චිත සීමාව කුමක්ද යන්න පිළිබඳව හරියාකාර අවබෝධයක් මහජනයාට ලැබිය යතුය.

ප‍්‍රධාන වශයෙන්ම ගණිකාවාස පනත යටතේ ලැගුම්හල්වල සිටින්නන් අත්අඩංගුවට ගැනීමට පොලීසියට බලය ඇත. මෙම පනතේ 02 වන වගන්තිය ප‍්‍රකාරව ගණිකාවාසයක් පවත්වාගෙන යාම, කළමනාකරණය කිරීම, කළමනාකරණය සඳහා ක‍්‍රියාකිරීම හෝ ආධාර කරන්නෙකු වරදකරු වන්නේය. ඒ අනුව මේ පනත යටතේ ලැගුම්හලක සිටින්නන් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබෙන්නේ දෙදෙනාගෙන් කාන්තාව අදාළ ලැගුම්හලේ සේවයේ නියුතුව සිටින්නියක් නම් පමණි. යම් පුද්ගලයෙක් එම ලැගුම්හලට පරිබාහිරයෙන් කාන්තාවක රැගෙන ගොස් ඇය සමඟ ලිංගික කාර්යයේ යෙදේ නම් එයට බාධා කිරීමට පොලීසියට බලයක් නැත. සිරිනිමල් එදිරිව හලාවත පොලිස් පරීක්ෂක සහ තවත් අය නඩුවේ (2001 ශ‍්‍රී ලංකා නව නීති වාර්තා, පිටු අංක 29) මේ බව දක්වා ඇත.

යම් පුද්ගලයෙකු ලැගුම්හලක බාලවයස්කරුවකු සමඟ රැඳී සිටින්නේ නම් ජාතික ළමාරක්ෂක අධිකාරී පනත යටතේ එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලීසියට බලය ඇත. එහිදී එම පුද්ගලයාට චෝදනා එල්ලවන්නේ බාලවයස්කරුවකු ලිංගික අපයෝජනයට ලක්කිරීම හේතුවෙනි. ඉහත කී පාසල් සිසු සිසුවියන් සම්බන්ධ තත්වය මෙම කාරණාව යටතට අයත් වේ. මෙම නීතියට ගරු කිරීමක් වශයෙන් බොහෝ ලැගුම්හල් වලට පුද්ගලයන් ඇතුළු කරගැනීමේදී හැඳුනුම්පත පරීක්ෂා කිරීමක් සිදුකරන අතර අවුරුදු 18 ට අඩු පුද්ගලයන් දෙමාපියන් හා තම පවුල සමඟ නොසිටින බව පෙනී යන්නේ නම් කාමර ලබාදීම ප‍්‍රතික්ෂේප කරන ලැගුම්හල් හිමියන් කොතෙකුත් සිටිති. එසේ වුවද ඉහත ලිපිවල දක්වා ඇති ආකාරයෙන්ම පටු ලාභ ප‍්‍රයෝජන හා වාසි අරභයා බාලවයස්කාරයින්ට ලැගුම්හල් සේවාව සපයන පුද්ගලයන්ද සිටින බව සත්‍යයකි. ඒ සම්බන්ධයෙන් ක‍්‍රියා කිරීමට ප‍්‍රමාණවත් නීතිරීති පවතී.

යම් පුද්ගලයකු ලැගුම්හලක නොව වෙනත් ඕනෑම ස්ථානයක රැඳී සිටියදී සිදුකරනු ලබන පරීක්ෂා කිරීමකදී තමාගේ අනන්‍යතාවය තහවුරු කිරීමට අසමත් වේ නම් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලීසියට බලය ඇත. එහෙත් මෙසේ අත්අඩංගුවට ගන්නා අවස්ථාවක චෝදනා ගොනු කළ හැක්කේ අනන්‍යතාවය ඔප්පු කිරීමට අසමත් වීම සම්බන්ධයෙන් පමණක් වේ. ලැගුම්හල තුළ ලිංගික ක‍්‍රියාවක යෙදුණේද යන්න මෙහිදී අදාළ කරුණක් නොවේ. නමුත් බොහෝ අවස්ථාවලදී සිදුවන්නේ අනන්‍යතාවය ඔප්පු කිරීමට අසමත්වීම යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන ලිංගික ක‍්‍රියාවක යෙදීම සම්බන්ධයෙන් සැකකරු වෙත දැඩි සේ අවවාද කොට මුදාහැරීමය. හදිසි නීතිය ක‍්‍රියාත්මක වූ පසුගිය සමයේ බොහෝ ලැගුම්හල් වැටලීම් කළේද, ඒවායේ රැඳී සිටි “ජෝඩු” අත්අඩංගුවට ගත්තේද පසුව “දැඩිසේ අවවාද කොට” මුදාහරින ලද්දේද මෙම න්‍යාය යටතේය. කෙසේ වෙතත් හදිසි නීතිය හෝ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ලිංගික වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම නෛතික වශයෙන් ප‍්‍රශ්න කළ හැකි තත්වයකි.

යම් අවස්ථාවක යම් කාන්තාවක් සමඟ ලැගුම්හලක හෝ වෙනයම් ස්ථානයකදී ලිංගික ක‍්‍රියාවේ යෙදෙන්නේ ඇගේ කැමැත්තට පටහැණිව නම් දණ්ඩ නීති සංග‍්‍රහයේ 363 වගන්තිය යටතේ එන ස්ත‍්‍රී දූෂණ චෝදනාව යටතේ අත්අඩංගුවට ගැනීමට පොලීසියට බලය ඇත. මෙහිදී ප‍්‍රබලතම කාරණය වන්නේ අදාළ ස්ත‍්‍රියගේ කැමැත්තයි. ඇගේ කැමැත්ත ඇය කැමැත්ත දීමට හැකි අවස්ථාවක, එනම් හොඳ සිහිබුද්ධියෙන් පසුවන අවස්ථාවක ලබාගත්තක් විය යුතුය. අදාළ කාන්තාව බාලවයස්කාරියක් නම් මෙම කැමැත්ත පිළිබඳ කාරණය බල නොපායි.

විවාහක පුරුෂයෙකු හෝ ස්ත‍්‍රියක් තවත් විවාහක පුරුෂයෙකු හෝ ස්ත‍්‍රියක් සමඟ ලිංගික කාර්යයේ යෙදීම, එනම් අනාචාරය ශ‍්‍රී ලංකාවේ අපරාධ නීතිය යටතේ වරදක් නොවේ. අනාචාරය යනු දික්කසාදයේදී නඩු නිමිත්තක් සපයන්නාවූ කාරණයක් පමණක් වන අතර මෙවන් අවස්ථාවකදී පොලීසියට භූමිකාවක් නොමැති බව අවධාරණය කළ යුතුය. කිසිඳු අවස්ථාවක අනාචාරයේ හැසිරීම හෝ අනියම් ලිංගික සබඳතාවයක් නිසා පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පොලීසියට බලයක් නොමැත.

එබැවින් යම් පුද්ගලයන් දෙදෙනෙකු, ඔවුන් දෙදෙනාගෙන් කෙනෙකු හෝ බාලවයස්කරුවකු නොවන අවස්ථාවකදී, අදාළ කටයුත්තට දෙදෙනාගේම කැමැත්ත ඇති අවස්ථාවකදී, දෙදෙනාගෙන් අයෙකු සේවයේ යෙදෙන ගණිකාවාසය තුළ ලිංගික කාර්යය සිදු නොකරන අවස්ථාවකදී කිසිම හේතුවක් නිසා ලිංගික වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට පොලීසියට බලයක් නොමැත. එමෙන්ම තම අනන්‍යතාවය සනාථ කිරීමට සමත්වන, වරෙන්තු නොකරන ලද පුද්ගලයෙකුද එසේ අත්අඩංගුවට ගත නොහැක. එසේ අත්අඩංගුවට ගැනීම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 13(1) වන ව්‍යවස්ථාව යටතේ මූලික අයිතිවාසිකම් කඩකිරීමක් වේ.

වර්තමාන තරුණ පරපුර මෙසේ ලිංගික තෘප්තිය සොයා අහුමුලූ ගැන්නීමෙහි වගකීම භාරගත යුත්තාහු වැඩිහිටියෝමය. පෙම් යුවලක් ආසන්නයේ සිටින විට ඔවුන්ගේ සෑම අංග චලනයක් පාසා නිරීක්ෂණය කිරීමේ පුරුද්දක් අපේ වැඩිහිටියන්ට ඇත. අතින් අල්ලාගෙන සිටීම වැනි අහිංසක ක‍්‍රියාවක් දෙස පවා ඇතමුන් බලන්නේ වපරැසිනි. ප‍්‍රසිද්ධ සමාජයේ ප‍්‍රතික්ෂේප වන්නන්, ගැරහුමට ලක් වන්නන් තමන්ගේම ලෝක තුළ මුළුගැන්නීම ලිංගිකත්වය තුලදී පමණක් නොව අනෙකුත් සෑම සියලූ සමාජ ක‍්‍රියාවලියක් තුළදීම අත්දැකීමට ලැබෙන සමාජ සංසිද්ධියකි.

උපුටා ගත්තේ: elakiri
 ගණිකාවාස තොරතුරු 

Sri Lanka's Biggest Brothel Raided. Sex-workers: Ban or not? 

Sexual rights and principles declared by IPPF 

PRINCIPLES
IPPF believes that having sexual rights adds to the freedom, equality and dignity of all people.

  1. Principle 1: Sexuality is an important part of being human, whether or not a person chooses to be sexually active. Being healthy and able to express one's sexuality freely is central to every person being able to develop and participate in the economic, social, cultural and political arenas.
  2. Principle 2: IPPF recognises that people under eighteen are rights holders. The rights and protection of people under eighteen are sometimes different to that of adults. The best interests of those under eighteen should always be protected and their evolving capacity to make decisions for themselves should be recognised.
  3. Principle 3: IPPF believes that the basis of human rights protection and promotion and enjoyment/ fulfillment is non-discrimination. This means that no one should be treated differently or unequally because of their sexuality, sex, age or gender.
  4. Principle 4: People should be able to enjoy their sexuality and be free to choose whether or not they want to reproduce.
  5. Principle 5: Everyone has the right to be protected from all harm. All people under eighteen should have special protection from all forms of exploitation.
  6. Principle 6: Sexual rights can only be limited by law in order to ensure for the goal of ensuring recognition and respect for the rights and freedoms of others in accordance with human rights law. The freedom to express one's sexuality should only be limited by law if it is:
  • -1 to protect and respect others' rights and freedoms
  • -2 to ensure the general public welfare in a democratic society,
  • -3 to protect public health and public order.
Principle 7

States have the obligation to respect, protect and fulfil sexual rights for all. The obligation to fulfill requires States to adopt appropriate measures towards the full realization of the right.

WOMEN'S BUREAU OF SRI LANKA

FUNCTIONS


Women's Bureau of Sri Lanka established in 1978 for the advancement of Sri Lanka Women.

Mission

Improvement of living standards and empowerment of Sri Lanka Women by providing knowledge, opportunities & resources for them to utilize their full human potential and reap the benefits through ensuring their equal rights in Educational, Socio Economic, Political and Cultural spheres.

Objectives


Ensuring Equal Opportunities for Women before the Law and in the Social, Economical, Educational, Political and Cultural fields through the promotion of Equality Between women and men.
Empowerment of Women through the Promotion of women's education, health, Participation in economic activities and counseling support.
Poverty alleviation through Social Mobilization and Sustainable Micro Enterprise Development.
Safeguarding the Right of Women to protect them from Gender Based Violence.
Mainstreaming gender in all development policies and programmes


Contact Details
Sri Lanka Women’s Bureau
No. 177,
Nawala Road,
Narahenpita.
Tel : 011-2504934
E-mail : directorwb_womens@mymail.lk

 ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකාව මානව හිමිකම් සුරැකීමට කැපවී කටයුතු කිරීම ශක්තිමත් කිරීමත් ජාත්‍යන්තර ගිවිසුම් මගින් ශ්‍රී ලංකාවට පවරා ඇති රාජකාරී හා පොරොන්දු ජාත්‍යන්තර මට්ටමින් ක්‍රියාවට නැංවීමත් 1996දී ශ්‍රී ලංකා රජය විසින් ප්‍රංශ මූලධර්ම යටතේ සකස්කරන ලද තත්ත්වයන් පවත්වා ගැනීමත් වෙනුවෙන් 1996 පනත් අංක 21 මගින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ස්ථාපිත කරන ලදී.

රටේ මානව හිමිකම් ප්‍රවර්ධනයට හා ආරක්ෂා කිරීමට පිහිටුවා ඇති ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ස්වාධීන කොමිෂන් සභාවකි.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRCSL) ස්ථාපනය කිරීමට පෙර, නීත්‍යානුකූල නොවන අත්අඩංගුවට ගැනීම් හා රඳවා තබාගැනීම් සම්බන්ධයෙන් මානව හිමිකම් කාර්ය සාධක බලකාය (HRTF) සහ විශේෂ සැලකිලි හෝ වෙනස්කම් දැක්වීම තුරන් කිරීමේ සහ මූලික අයිතිවාසිකම් සමීක්ෂණය කිරීමේ කොමිෂන් සභාව (CEDMHR) ලෙස හදිසි නීතිය යටතේ වෙනස් ආයතන දෙකක් පිහිටුවන ලදී.

දර්ශනය

නීතියේ ආධිපත්‍ය කෙරෙහි ඇති ගරුත්වය ආරක‍්ෂා කිරීම, ප්‍රවර්ධනය කිරීම සහ සෑම පුරවැසියෙකුගේම මානව හිමිකමි ආරක‍්ෂා කිරීම.

මෙහෙවර

ජාත්‍යන්තරව පිළිගෙන ඇති මානව හිමිකමි ප්‍රතිපත්ති වලට අනුකූල වන ලෙසින් මානව හිමිකමි ආරක‍්ෂා වන ආකාරයෙන් වඩාත් හොඳ මානව හිමිකමි සංස්කෘතියක් බිහිකිරීම සඳහා, සියල්ලන්ගේම මානව හිමිකමි සුරක‍්ෂිත කිරීම සහ වැඩිදියුණු කිරීම උදෙසා ක්‍රියාත්මක වන්නා වූ සියළලුම කොටස්කරුවන්ගේ සමිබන්ධීකරණයෙන් සහ සහයෝගයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවෙහි තහවුරු කර ඇති සියලු පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකමි ආරක‍්ෂා කිරීමත්, ජාතික නීති සහ පිළිවෙත් ජාත්‍යන්තර නීතීන් සහ සමිමුතිවලට අනුකූල වන ලෙස සකස්කිරීමට රජයට මගපෙන්වීමත්, මානව හිමිකමි පිළිබඳ දැනුම දිවයින පුරා ජීවත්වන සියලු පුද්ගලයින් අතර ප්‍රචලිත කිරීමත් වෙයි.

 වාර්ෂික වාර්තා ; 2009

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂණ් සභාවෙහි මුලික කාර්යයන් මොනවාද?
  • මුලික මානව හිමිකම් උල්ලංඝනයන්හිදී විමසීම් සහ විමර්ෂණය කිරීම
  • ශ්රී ලංකා රජයේ සියලුම ක්රියා පටිපාටීන්, ශ්රී ලංකා ආණ්ඩුක්රම ව්යවස්ථාව මගින් සහතිකකර ඇති මූලික අයිතිවාසිකම් වලට අනුව ඉටු කිරීමට වග බලා ගැනීම
  • මූලික අයිතිවාසිකම්වලට අනුකූලව නීති සම්පාදනය කිරීමටත්, පරිපාලන මගපෙන්වීම් කිරීමටත් රජයට උපදෙස් සහ සහයෝගය දීම
  • ජාතික නීති පද්ධතිය සහ පාලන ක්රමය ජාත්යන්තරව පිළිගත් මානව අයිතිවාසිකම්වලට අවනත වෙමින් ක්රියාත්මක කිරීමට රජයට උපදෙස් දීම
  • මානව හිමිකම් ක්ෂේත්රයේ ජාත්යන්තර මානව හිමිකම් ගිවිසුම් සහ අනෙකුත් ජාත්යන්තර මෙවලම් උපයෝගී කරගැනීමට රජයට උපදෙස් දීම
  • රට තුළ මානව හිමිකම් පිළිබඳ දැනුවත් බව ප්රවර්ධනය කිරීම

පුද්ගලයන්ට කුමන වර්ගයේ පැමිණිලිද කොමිසම සඳහා ඉදිරිපත් කළ හැකි වන්නේ?
1978) ආණ්ඩුක්රම ව්යවස්ථාවෙහි IIIවන පරිච්ඡේදය මගින් පිළිගත් මූලික ආයිතිවාසිකම් කඩවීම්වීම් සහ කඩවීමට අත්‍යසන්න අවස්ථාවලදී පැමිණිලි ඉදිරිපත් කළ හැකියි. 

කොමිසම සඳහා පැමිණිලි ඉදිරිපත් කළ හැක්කේ කා හටද?
  • පීඩාවට පත් පුද්ගලයන්ට
  • පුද්ගල කණ්ඩායම්වලට
  • පුද්ගලයෙක්/පුද්ගල කණ්ඩායමක් හෝ පීඩාවට පත් යම් පුද්ගල කණ්ඩායමක් වෙනුවෙන් පැමිණිලි ඉදිරිපත් කළ හැකිය

ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි සම්බන්ධව විමර්ශනය කොට වාර්තා කරන ලෙසට කොමිෂන් සභාවට දැන්විය හැකිද?
  • ඔව්. සමහර අවස්ථාවලදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පැමිණිලි සම්බන්ධව විමර්ශනය කොට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත වාර්තා කරන ලෙස කොමිෂන් සභාවට දන්වයි.
  • පැමිණිල්ලක අඩංගු විය යුතු කරුණු මොනවාද?
  • උල්ලංඝනය වී ඇති අයිතිවාසිකම කුමක්ද?
  • අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇත්තේ කාගේද?
  • අයිතිවාසිකම් හෝ හිමිකම් උල්ලංඝනය සඳහා වගකිව යුත්තේ කවුරුන්ද?
  • අයිතිවාසිකම් උල්ලංඝනය වූයේ කවරාකාරයෙන්ද?
  • අයිතිවාසිකම් උල්ලංඝනය වූයේ කවදාද? කොතැනකදීද?
  • ප්රතිකර්ම ලෙස ඔබ බලාපොරොත්තු වන්නේ මොනවාද?
මානව හිමිකම් කොමිෂන් සභාව: අභ්‍යන්තර මෙවලම් සහ ආයතන

(A) ශ්‍රී ලංකාවේ දින වකවානු අනුව සිදුවීම් පෙළ ගැස්ම

(B) ගෘහස්ත නීති සම්පාදනය

(i) ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව-1978 – 1978 ඉ / සි / ද
(ii) නීති සම්පාදනයට අදාළ මානව හිමිකම් සීමාව

-ළමයින්ට අදාළවන නීති පද්ධතිය - කාන්තාවන්ට අදාළවන නීති පද්ධතිය 
- ආබාධිත පුද්ගලයන්ට අදාළවන නීති පද්ධතිය 
-විදේශගත ශ්රමිකයන්ට අදාළවන නීති පද්ධතිය
-වැඩිහිටියන්ට අදාළවන නීති පද්ධතිය 
-භාෂාවට අදාළවන නීති පද්ධතිය 
-වධහිංසාවට පත් කිරීමට අදාළවන නීති පද්ධතිය    
-සිවිල් සහ දේශපාලනයට අදාළවන නීති පද්ධතිය  
- පරිසරයට අදාළවන නීති පද්ධතිය 
-සමාජ ආරක්ෂාවට අදාළවන නීති පද්ධතිය
- අනන්‍යතාවයට අදාළවන නීති පද්ධතිය
-මැතිවරණවලට අදාළවන නීති පද්ධතිය 
-රැකියාවන්ට අදාළ නීති පද්ධතිය      
 (C) විධිවිධාන/ආඥා පනත/නියෝග/ප්‍රඥප්ති
(D)චින්තනය හෘද සාක්ෂිය හා ආගමික නිදහස පිළිබඳ ශ්රී ලංකාවේ ශ්රේෂ්ඨාධිකරණය ලබාදුන් සුවිශේෂී නඩු තීන්දු
-චින්තනය හෘද සාක්ෂිය හා ආගමික නිදහස
-
වධහිංසාවන්ගෙන් නිදහස් වීම
-
සමානාත්මතාවයේ අයිතිවාසිකම්
-
පුද්ගලික ස්වාධීනත්වය හා අපරාධ ක්‍රියාවලිවලට අදාළ අයිතිවාසිකම්
-
භාෂණයේ සහ ප්රකාශනයේ නිදහස
-
රැස්වීමේ නිදහස
-
ඇසුරු කිරීමට ඇති නිදහස
-
කැමති රැකියාවක නියැළීමේ නිදහස
-
කැමති ස්ථානයකට යාමට සහ ගොස් පදිංචි වීමට ඇති නිදහස
-

(E) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මගින් නිර්දේෂිත සංධිස්ථාන

(F) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ තත්ත්වය

ශ්‍රී  ලංකාවේ ජාත්යන්තර මානව හිමිකම් නීතිමය ලියවිලිවල තත්ත්වය
-නීතිමය ලියවිලි

(G) ශ්රී ලංකා ගිවිසුම් සංවිධානවල වාර්තාවන්ගේ තත්ත්වය

ශ්‍රී ලංකා ගිවිසුම් සංවිධානවල වාර්තාවන්ගේ තත්ත්වය
නීතිමය ලියවිලි

(H)ගිවිසුම් සංවිධානවල කමිටු මගින් කළ අවසන් සොයා බැලීම්

ගිවිසුම් සංවිධානවල කමිටු මගින් කළ අවසන් සොයා බැලීම්
කමිටුව

ගිවිසුම් සංවිධානවල කමිටු මගින් කළ අවසන් සොයා බැලීම්
කමිටුව දිනය වාර්තාව
සංක්රමණික සේවකයින් සම්බන්ධ කමිටුව 14.12.2009 CMW/C/LKA/CO/1
වධහිංසාවන්ට එරෙහි කමිටුව 15.12.2005 15.05.1998 CAT/C/LKA/CO/2 A/53/44(SUPP)
මානව හිමිකම් කමිටුව 01.12.2003 27.07.1995 CCPR/CO/79/LKA CCPR/C/79/Add.56
ළමා අයිතිවාසිකම් පිළිබඳ කමිටුව 02.07.2003 21.06.1995 CRC/C/15/Add.207 CRC/C/15/Add.40
කාන්තාවන්ට එරෙහි වෙනස්කම් පිටුදැකීමේ කමිටුව 01.02.2002 28.01.1998 A/57/38(SUPP) A/47/38(SUPP)
ජාතීන්ට වෙනස්කම් කිරීම පිටුදැකීමේ කමිටුව 14.09.2001 22.09.1995 A/56/18(SUPP) A/50/18(SUPP)
ආර්ථික, සමාජීය හා සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ කමිටුව

(I) එක්සත් ජාතීන්ගේ විශේෂ ක්රියාපටිපාටීන්ට යටත් වාර්තා

(J) ආයතන

(i) ව්යවස්ථාපිත මණ්ඩල

(ii)දෙපාර්තමේන්තු
(K) අධිකරණ හෝ උසාවි
Thirty two women in 'oldest profession' caught
16.06.1998 E/C.12/1/Add.24


ක්ෂණික ඇමතුම්- (0094 011) 2689064
අත්නෝමතික අත්අඩංගුවට ගැනීම, සිර භාරයේ තබ ගැනීම, වධහිංසාවට ලක් කිරීම වැළැක්වීම සඳහා දැන්ම අමතන්න.

No comments:

Post a Comment